Pages

Monday, November 18, 2013

ඔබගේ Pen එකට කොපි කර තබාගත යුතුම මෘදුකාංග 12ක්




අපගේ පෞද්ගලික පරිගණකයට අමතරව වෙනත් පරිගණක භාවිතා කිරීමට විවිධ අවස්ථාවන් වලදී සිදුගු වෙනවා. ඉන්ටර්නෙට් කැෆේ එකක, රාජකාරි ස්ථානයේ හෝ මිතුරෙකුගේ නිවසේදී හදිසියේ පරිගණකයෙන් යමක් කර ගැනීමට සිදු වූ අවස්ථා ඔබට මතක ඇති. එවැනි අවස්ථා වල අප මුහුණපාන ප්‍රධාන ගැටළුව නම් අවට අවශ්‍ය මෘදුකාංග එම පරිගණක වල නොමැති වීමයි. මෙයට සාර්ථකම විසඳුම ඕණෑම අවස්ථාවකට සන්නද්ධ පෙන් එකක් ඔබ ළඟ තබා ගැනීමයි.  මේ ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ එවැනි අවස්ථාවක පිහිටට ගත හැකි , ස්ථාපනය නොකොට කෙලින්ම භාවිතා කළ හැකි මෘදුකාංග කිහිපයක් වෙත. මෙම මෘදුකාංග ඔබගේ පෙන් එකට කොපි කර තබා ගැනීමෙන් ඕණෑම අවස්ථාවක, ඕණම පරිගණකයක ඔබට අවශ්‍ය දෙයක් කිරීමට හැකි වනු ඇති.

NirLauncher < Click Here To Download

nirlauncher

NirLauncher යනු නොමිලේ ලැබෙන යුටිලිටි මෘදුකාංග 150 කින් යුත් පැකේජයක්. මෙහි පාස්වර්ඩ් රිකවරි මෘදුකාංග, බ්‍රවුසර් හිස්ට්‍රි බැලීමේ මෘදුකාංග, ඩවුන්ලෝඩ් වේගය බලා ගැනීමට මෘදුකාංග, වැනි වටිනා නමුත් කුඩා මෘදුකාංග රැසක් මෙහි අන්තර්ගත වෙනවා. 

Microsoft Safety Scanner < Click Here To Download

microsoft-safety-scanner

ඔබගේ පෙන් එකට ප්‍රති වයිරස මෘදුකාංගයක් එක් කර ගැනීමත් ඉතා වැදගත්. අනෙක් පරිගණකයකින් ෆයිල්ස් කොපි කර ගැනීමට ප්‍රථමයෙන් ඒවා ස්කෑන් කර බැලීම ප්‍රයෝජනවත්. මේ මෘදුකාංගය නිසා පරිගණකයේ ප්‍රති වයිරස මෘදුකාංගයක් තිබුණත් නැතත් ඔබගේ ගොණු ආරක්ෂා කරගත හැකියි.
මෙවැනි තවත් හොඳ මෘදුකාංගයක් නම් Kaspersky  සමාගමේ Virus Removal Tool එකයි. තවද  ClamWin Portable වුවද භාවිතා කළ හැකියි.

Infra Recorder < Click Here To Download

infra-recorder

Infra Recorder මගින් CD හා DVD රෙකෝඩ් කිරීමට හැකියාව ලැබෙනවා. ඩිස්ක් ඉමේජ් සාදා ගැනීමට, CD එකකින් හෝ DVD එකකින් තව ඩිස්ක් එකකට කොපි කිරීමට, CD රිප් කිරීමට ආදී බොහෝ කාර්‍යන් මෙම මෘදුකාංගය මගින් බොහොම පහසුවෙන් කරගත හැකියි.

System Explorer < Click Here To Download

system-explorer

System Explorer මෘදුකාංගය කුඩා නමුත් බොහෝ ප්‍රයෝජනවත් මෘදුකාංගයක් මෙමගින් පරිගණකයේ processes, startup programs, add-ons, windows services, drivers, network connections සහ තවත් බොහෝ දෑ පිළිබඳ දැනගත හැකියි. එමෙන්ම VirusTotal සහ Jotti වැනි සේවාවන් භාවිතා කර පරිගණකයේ ඇති ගොණු වුවද පරීක්ෂා කරගත හැකියි.

VLC Media Player Portable < Click Here To Download

vlc-media-player
මේ මෘදුකාංග ලයිස්තුවට මීඩියා ප්ලෙයර් එකක් එක් කර ගැනීම නිශ්ඵළ ක්‍රියාවක් වන්නේ නැහැ. ඒ සදහා සුදුසුම මෘදුකාංගය වන්නේ VLC හැර අන් කවරක්ද? ඔබ පෙන් එක සම්බන්ධ කරන පරිගණකයේ කුමන මීඩියා ප්ලෙයර් එක තිබුණත් දැන් පෙන් එකේ ඇති VLC මගින් MPEG-1, MPEG-2, MPEG-4,DivX, XviD, WMV, MP3 ඇතුළු ෆයිල් වර්ග ගණනාවක්ම පහසුවෙන් ප්ලේ කරගත හැකි වනු ඇති.

GIMP Portable < Click Here To Download

gimp-portable

ඔබට හදිසියේ ‍පින්තූරයක් එඩිට් කිරීමට සිදු වුව හොත් ඔබ සිටින ස්ථානයේ ඇති පරණකයක ෆොටෝෂොප් මෘදුකාංගය ඇතිදැයි සොයා බැලීමට සිදු වෙනවා. නමුත් GIMP ඔබේ පෙන් එකට කොපි කර තබා ගැනීමෙන් ෆොටෝෂොප් සොය සොයා සිටීමට අවශ්‍ය වනේ නැහැ. GIMP හි ෆොටෝෂොප් සතු බොහෝ පහසුකම් එළෙසම පාහේ අන්තර්ගතයි.

KeePass Password Safe < Click Here To Download

keepass-portable
මෙම මෘදුකාංග අතර ඇති බොහෝ ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙස KeePass හැඳින්විය හැකියි. ඔබත් බ්‍රවුසරයේ පාස්වර්ඩ් සේව් කර තබා ගන්නා අයෙක් නම් ඔබ භාවිතා කරන පාස්වර්ඩ් ඔබට මතක නැතිව ඇති. නමුත් මෙම මෘදුකාංගය මගින් ඒවා සේව් කර තබාගත හැකියි. මෙහි ඇති encryption නිසා ඔබගේ පාස්වර්ඩ් වල ආරක්ෂාව තහවුරු වනවා.  ඔබ කොහේ ගියත් මෙම මෘදුකාගය පෙන් එකේ තිබේ නම් පාස්වර්ඩ් අමතක වීම ගැන කරදර විය යුතු නැහැ.

Recuva < Click Here To Download

recuva
පෙන් එකකින්, SD කාඩ් එකකින් හෝ දෘඩ තැටියෙන් හදිසියේ ඩිලීට් වූ ෆයිල් එකක් නැවත ලබා ගැනීමට අපට උපකාරී වන Recuva මෘදුකාංගය ගැන අප බොහෝ දෙනා දන්නවා. එහි පෝටබල් සංස්කරණය පෙන් එකේ තබා ගැනීම මගින් අතපසු වීම් මගින් ඩිලීට් වන ගොණු ගැන බිය විය යුතු නැහැ.

SoftPerfect Network Scanner < Click Here To Download

network-scanner
පරිගණක ජාල සම්බන්ධයෙන් මෙම මෘදුකාංගය බොහෝ වැදගත් වනු නියතයි. IP address, MAC address, host name ආදිය දැන ගැනීම වැනි සරල ක්‍රියාවේ සිට නෙට්වර්ක් එකේ ඇති පරිගණකයක් remotely shutdown කිරීම දක්වා සංකීරණ කාර්‍යන් මෙම මෘදුකාංගය භාවිතයෙන් ඉටු කර ගැනීමට පුළුවන්.

TreeSize < Click Here To Download

treesize

සමහර අවස්ථා වලදී පරිගණකයේ ඇති දෘඩ තැටි පිරී යනවා. නමුත් අපට කුමන ෆෝල්ඩරයක වැඩියෙන් ෆයිල්ස් ඇතිදැයි අවබෝධ කරගත නොහැකියි. TreeSize මෘදුකාංගය මගින් ඔබගේ දෘඩ තැටියේ ඇති ෆෝල්ඩර සහ එහි ප්‍රමාණය පෙන්වනවා.

Firefox Portable < Click Here To Download

 

firefox-portable

තවමත් බොහෝ අය පරිගණකයේ Internet Explorer භාවිතා කරනවා. එයින් අන්තර්ජාලය පරිහරණය කිරීම තරමක් කටුක ක්‍රියාවලියක්. නමුත් ෆයර්ෆොක්ස් පෝටබල් මෘදුකාංගය පෙන් එකේ තිබීමෙන් එම කටුක බවින් ඔබට අතමිදීමට පුළුවන්. එමෙන්ම මෙමගින් ලැබෙන තවත් වාසියක් නම් ඔබ ඔබේ නොවන අනෙක් පරිගණකයේදී අන්තර්ජාලය භාවිතා කළත් හිස්ට්‍රි එක එම පරිගණකයේ නො රැඳීමයි.

Pidgin Portable < Click Here To Download

pidgin


මෙය චැට් මෘදුකාංගයක්. Gtalk,Yahoo, ICQ, AIM, IRC, Samtime ආදී සේවා බොහෝ ගණනක් සදහා මෙය සහය දක්වනවා. අනෙක් පරිගණකයක ඔබගේ ගිණුම් විස්තර ටයිප් කිරීමට අකමැතිනම් ඒ සඳහා හොඳම විසදුම Pidgin මෘදුකාංගයයි.

No comments:

Post a Comment

MY TV

OK
OK
 I agree to the Terms and Conditions
OK
OK
Get Adobe Flash player
Zoom
Infotainment
Hindi
Watch Now
Favourite
Whats Next
Unsubscribe
Free Zone
CATEGORIES

  • My Favourites
  • My Subscribed Channels
  • My Packs
  • MY SUBSCRIBED CHANNELS
    Sirasa TV
    CITIHITZ
    ITN
    Swarnavahini
    Rupavahini
    Channel Eye
    Derana
    Hiru TV
    CSN
    TNL
    Shakthi TV
    Jaya Plus
    Raj Musix
    CN Tamil
    Jaya TV
    J Movies
    9XM
    Vasanth TV
    Zoom
    Dance TV
    Top DJ TV
    People TV
    Travel TV
    How To
    Cooking TV
    Cartoons Channel
    RedLine TV
    Fight TV
    Fitness TV
    Joke TV
    Short Films TV
    Xtrem Sports
    Cartoon Network
    CNN
    Pogo
    Fashion Focus
    Bikini TV
    National Geographic
    Hollywood Gossip
    Swimwear TV
    Beauty TV
    Home|Help