Pages

Tuesday, August 6, 2013

බිම් මල් වගාව






 

බිම්මල් එහෙම නෑත්නම් කවුරුත් දන්න විදියට හතු අපිට නුපුරුදු දෙයක් නම් නෙවෙයිනේ.කොටින්ම කියනවා නම් කන්න ගන්න පුස් විශේශයක්.දිලිර තම වර්ගයා බෝ කිරීමට යොදා ගන්නා විශේශිත වු උපක්‍රමයේ ප්‍රතිපල තමයි අපි ආහාරයට ගන්නේ හතු කියලා.පෝශණ ගුනය වගේම ඖශදීය ගුනයෙනුත් බිම්මල් පරිපුර්ණ අහාරයක් විදියටයි සෑලකෙන්නේ.විශේශයෙන්ම රක්තහීනතාවයට හා ලියුකේමියා රෝගය පාලනය කිරීමෙත් සුවිශෙශි ගුනයක් මේ හතුවල තියෙනවා කියලා සදහන් වෙනවා.ඒ නිසාම තමයි අපි කවුරුත් දන්න ස්වභාවික හතු වර්ග[මාවෑලි හතු,උරුපහ]වලට අමතරව ස්වයං රෑකියාවක් විදියටත් බිම්මල් වගාව ජනප්‍රිය වෙලා තියෙන්නේ.වගාවක් කිව්වාට මේක ගෙවත්තේ කරන වගාවක් එහෙම නම් නොවෙයි.මොකද සමහර අය ඒක පටලවා ගන්නවා.බිම්මල් වගාවක් කරමුද කියලා මම අහපු ගොවි මහත්වරු කීප දෙනෙක්ම මට දිපු උත්තරේ තමයි මහත්තයා වත්තේ ඉඩ නම් නෑ .වතුර ගහන්නත් ටිකක් අමාරුයි.කියලා.එත් ඉතින් එක අතකට එහේම කියපු එක පුදුමයකුත් නෙවෙයි.හොදට මතක තියාගන්න මේ වගාව අපි කරන්නේ පරිසර තත්ව පාලනය කරපු බිම්මල් ගෘහයක් තුල.එහෙම නෑත්නම් නිවසේම කාමරයක් අපිට මේ සදහා යොදා ගන්න පුලුවන්.පරිසර තත්ව පාලනය කරපු ගෘහයක් කියලා මම කිව්වේ මේ හතු වගා කරන්න පරිසරයේ තෙතමනය ඒ කිව්වේ ආර්ද්‍රතාවය ටිකක් වෑඩි වෙන්න ඕන.ඒකට අපි උපක්‍රම කීපයක් පාවිච්චි කරනවා.බිමට යොදාගන්නේ තෙත් කරපු වෑලි තට්ටුවක්. ඒ වගේම ගෘහය තුල මීදුමක් වගේ ජලය ස්ප්‍රේ කිරීම කරනවා. වගේම බිම්මල් දිලීර ජාලය වර්දනය වන අවස්තාවෙදි ගෘහය තුල අදුරු පරිසරයකුත් අස්වනු නෙලීම සිදු කරන කාලයේ අලෝකයත් තියෙන්න ඕන.මේකෙදි වෑදගත්ම දේ තමයි දිලීර එහෙම නෑත්නම් හතු වෑවිමට සුදුසු මාද්ය සාදා ගන්න එක.ප්‍රධාන වශයෙන් ම ගන්නේ ලී කුඩු.එවත් ශක්තිමත් අරටුවක් නෑති ගස්[ඈල්බීසියා,අබ] වලින් ගත්තු ලී කුඩු වීම ඉතාම වෑදගත්.ඊට අමතරව සහල් නිවුඩු,මුං පිටි ,හා රසායනික වශයෙන් මෑග්නීසියම් සල්ෆේට් .තමයි මේ මිශ්‍රණය සෑදිමට අවශය වන්නේ.




පදමට හදාගත්තු මිශ්‍රනය පොලි ප්‍රොපීලින් [තාපයට ඔරොත්තු දෙන පොලිතීන්] බෑග් වල පුරවා ඉන්පසු ජීවානුහරනය කර ගෑනිමක් සිදු කරන්න ඕන.මොකද වෙන දිලීර වර්ග මේකේ තියෙන්න පුලුවන්නේ.එහෙම උනොත් අපේ දිලීර වර්ගය වගා කරන්න වෙන්නේ නෑ.මේ කට විශේශිත බෑරලයක් තුල හුමාලයෙන් තම්බා ගෑනිම සිදු කරනවා.ඊට පසුව තමයි මේ බෑග් වලට ආරක්ශිත තත්ව යටතේ බිම්මල් බීජ යොදන්නේ.[බිම්මල් බීජ කිව්වට වී හෝ කුරක්කන් බීජවල වර්දනය කරපු දිලීරය තමයි]ඔන්න ඊට පස්සේ තමයි මං කිව්ව බිම්මල් ගෘහය වෑදගත් වෙන්නේ.බීජ ආමුකුලනය කරලා මාසෙකින් විතර අස්වනු එහේම නෑත්නම් හතු නෙලා ගන්න පුලුවන්.සාමාන්යයෙන් වෙලද පොලේ බිම්මල් කිලෝ එකක් රු150/200 වගේ මිලකට අලෙවි කිරීම සිදු කරනවා. මම මේ ඈතුලත් කරපු චායාරූප කීපය මගේ කොටසේ ගොවි කාන්තා සාමාජිකාවකගේ නිවසේ බිම්මල් සකස් කිරීමේ ප්‍රායෝගික වෑඩසටහනකදි ගත්ත ඒව ටිකක්.ඒ වගේම කියන්න ඕන මම මෙතන සදහන් කරලා තියෙන්නේ බිම්මල් හදා ගන්න ක්‍රමය ඉතාම සරලව,මොකද වෙලද පොලේ පෑකට් එක තිබුනාට මේවා හදන විදිය හෑමෝම වගේ දන්නේ නෑති නිසා.බිම්මල් වගාව ප්‍රායෝගිකව ආරම්බ කරන්න නම් මෙවයේ අනුපාත ආමුකූලනය රාක්ක සෑකසිම වගේ තවත් තොරතුරු වෑදගත් වෙනවා,මම ඒවා මෙතන සදහන් කරලා නෑ.ලිපිය දිග උනොත් බලන්න කම්මෑලි වෙන නිසා.ඒ වගේම මේ බිම්මල් වලින් බිම්මල් සුප්,බිම්මල් සෑන්ඩ්විච් ,වගේ විවිදාකාර ආහාර වර්ගත් සකස් කර ගන්නත් පුලුවන්.එවත් ඉතින් අපි නම් ක්ශෙත්‍රයේදි හදනවා විශෙශයෙන්ම කාන්තා කෘශි කර්ම වෑඩසටහන් වලදි.බිම්මල් පෑකට් එකක් කඩෙන් හරි අරන් රස බලන්න ඔයාලටත් දෑන් ඉතින් පුලුවන් .


බිම්මල් ගෘහයක බාහිර පෙනුම 

බිම්මල් ගෘහයක අභ්‍යන්තර සෑකසුම

බිම්මල් පෑකට් රාක්ක වල ඈසුරුම් කර ඈති ආකාරය

වගා කිරීමට සුදුසු බිම්මල් බීජ

වගා කිරීමට නුසුදුසු බිම්මල් බීජ


updated


බිම්මල් වගාව පිලිබදව පලවූ මෙම ලිපිය ඔබට අතිශයින් වෑදගත් වූ නිසාත් ඒ සම්බන්දව ඈති වන්නා වූ ගෑටලු පිලිබදව විද්‍යුත් තෑපෑල මාර්ගයෙන් ඔබ විසින් දිගින් දිගටම විමසන නිසාත් බිම්මල් වගාව සරලව ,සම්පූර්නයෙන් විස්තර කෙරෙන්නා වු  සටහන හරහා ඔබගේ බොහෝ ගෑටලු නිරාකරනය වනු ඈතෑයි  අපේක්ශා කරමි.







සත්ව පාලනය

මල් වගාව

අපනයන කෘෂි බෝග වගාව

වැවිලි බෝග වගාව

තේ
පොල්
රබර්
කජු
උක්
තල්http://www.blogger.com/goog_1383348986

තෙල් බෝග වගාව

රටකජු
තල
සූරියකාන්ත
අබhttp://www.blogger.com/goog_1383348986

අල බෝග වගාව

MY TV

OK
OK
 I agree to the Terms and Conditions
OK
OK
Get Adobe Flash player
Zoom
Infotainment
Hindi
Watch Now
Favourite
Whats Next
Unsubscribe
Free Zone
CATEGORIES

  • My Favourites
  • My Subscribed Channels
  • My Packs
  • MY SUBSCRIBED CHANNELS
    Sirasa TV
    CITIHITZ
    ITN
    Swarnavahini
    Rupavahini
    Channel Eye
    Derana
    Hiru TV
    CSN
    TNL
    Shakthi TV
    Jaya Plus
    Raj Musix
    CN Tamil
    Jaya TV
    J Movies
    9XM
    Vasanth TV
    Zoom
    Dance TV
    Top DJ TV
    People TV
    Travel TV
    How To
    Cooking TV
    Cartoons Channel
    RedLine TV
    Fight TV
    Fitness TV
    Joke TV
    Short Films TV
    Xtrem Sports
    Cartoon Network
    CNN
    Pogo
    Fashion Focus
    Bikini TV
    National Geographic
    Hollywood Gossip
    Swimwear TV
    Beauty TV
    Home|Help