Pages

Tuesday, August 6, 2013

කුරක්කන් kurakkan wagawa

කුරක්කන්

වියළි හා අතරමැද කළාපවල සාර්ථකව වගා කළ හැකි බෝගයකි. වර්තමානයේදී හෙක්ටයාර් 5000 පමණ වපසරියකට කුරක්කන් වගාව සීමාවී ති‍බේ. කෙසේ වුවද කුරක්කන් කෙරෙහි පවතින ඉල්ලුම නිසා මෑතකදී සිට ආනයනය කිරීමට පවා සිදුවී ඇත. එහි පවතින ඖෂධීය ගුණ නිසා බොහෝ දෙනෙකුගේ අවදානය මෙම වගාව කෙරෙහි මෑතකදී සිට වැඩිපුර යොමු වීමට හේතු වී තිබේ.

කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු ජලය හොදින් බැස යන සාරවත් පසක් කුරක්කන් සඳහා ඉතා සුදුසුය. වගාව තුල ජලය රදා පැවතීම සුදුසු නැත. මහ කන්නයේදී වර්ෂා ජලයෙන් මෙන්ම යල කන්නයේදී ජල සම්පාදනය යටතේ මෙම බෝගය වගා කළ හැකිය.

බිම් සැකසීම
බහුල වශයෙන් කුරක්කන් වගා කරන්නේ අළුතින් එළි පෙහෙලි කරගත් හේන් වලය. මෙහිදී විශේෂ බිම් සැකසීමක් සිදුනොවේ. මෙවැනි බිම් සීමා සහිත නිසාත්, වගාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහාත්, බිම් පෙරළා මහ කන්නයේ පළමු වර්ෂාව සමඟ සියුම්ව පස සකසා බීජ වැපිරීම හෝ සිටුවීම වැදගත්ය.

නිර්දේශිත ප්‍රභේද
එම්. අයි. 301, එම්. අයි. 302 හා රවි යන ප්‍රභේද වගාව සඳහා නිර්දේශ කර ඇත. මේ අතුරින් රවි ප්‍රභේදය මගින් වැඩි අස්වැන්නක් ලබාගත හැකිය. ඒ සඳහා ගතවන කාලය දින 90 පමණ වේ.

බීජ අවශ්‍යතාවය
වැපිරීම - හෙක්ටයාරකට කිලෝ ග්‍රෑම් 8
තවාන් කර පැල සිටුවීම සඳහා - හෙක්ටයාරකට කිලෝ ග්‍රෑම් 3 - 4

වගාව ආරම්භ කිරීම
මහ කන්නයේදී ඔක්තෝබර් මස මුල් භාගයේදී වගාව ආරම්භ කරන්න. බීජ වපුරන්නේ නම් ඒකාකාරීව බීජ විසුරුවා පස ඇවිස්වීමෙන් බීජ පසට යටකළ හැකිය.

වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා බීජ පේලිවලටද දැමිය හැකිය. මෙහිදී එකිනෙකට සෙන්ටිමීටර් 30 දුරින් සකසාගත් පේලි දිගේ බීජ දමා පසින් වසන්න. ඉන්පසු පේලි තුළ පැල අතර සෙන්ටිමීටර් 10 - 15 වන සේ, සති 3 දී පමණ වැඩි පැල ගලවා ඉවත් කරන්න.

ජල සම්පාදනයෙන් වගා කරන විට බොහෝ අවස්ථාවලදී පළමුව තවානක් දමා බීජ පැල සකසා ගනු ලැබේ. දින 20 - 25 පමණ වයසැති පැල එකිනෙකට සෙන්ටිමීටර් 30 පරතරයකින් යුත් පේලි දිගේ සිටුවන්න. පේළිය තුල සෙන්ටිමීටර් 8 - 10 පරතරයක් පවත්වා ගන්න.

රසායනික පොහොර
වැඩි අස්වැන්නක් සදහා පහත සඳහන් අන්දමට වගාවට රසායනික පොහොර යොදන්න.

බෝගයේ පෝෂක අවශ්‍යතාවය
N - හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 58
P2O5 - හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 22
K2 - හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 30
යෙදිය යුතු කාලයයූරියා හෙ./ කි.ග්‍රෑත්‍රිත්ව සුපර් පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ
මියුරියේට් ඔෆ් පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ
මුලික පොහොර505050
සති 3 - 4 දී50--
පසේ තෙතමනය පවතින විට පේලි අතරට මතුපිට පොහොර යොදා පසට කළවම් කරන්න.

වල් පැල පාලනය
බෝගයේ ලපටි අවස්ථාවේදී වර්ධනය සිදුවන්නේ ඉතා සෙමිනි. ඒ නිසා දින 45 පමණ ගතවන තෙක් වගාවේ වල් පැල පාලනය පිළිබදව සැලකිලිමත් වීම වැදගත්ය. පේලි දිගේ බීජ වපුරා ඇති විට හෝ පැල සිටුවා ඇති වගාවන්හි හෝ පේලි අතර වල්පැල උදළු ගා පහසුවෙන් පාලනය කළ හැකිය. සති 3 දී පමණ මතුපිට පොහොර යෙදීමත් සමගම මෙය කළ හැකිය.

ජල සම්පාදනය
යල් කන්නයේදී වගාවට අමතර ජල සම්පාදනය කළ හැකි නම් සාර්ථකව කුරක්කන් වගා කළ හැකිය. වියළි කාල වලදී සතියකට වරක් පමණ බැගින් ජලය සපයන්න.

කෘමි හා රෝග පාලනය
කුරක්කන් වගාවට හානිකරනු ලබන දරුණු කෘමි වර්ග නැත. නමුත් කොළ පාළු රෝගය නිසා සමහර වගාවන් හට දරුණු හානි ඇති විය හැකිය. රෝගී පත්‍රවල ඇති වන දුඹුරු පැහැති පුල්ලිවල අළු සුදු පැහැති මැද ප්‍රදේශයක් දක්නට ලැබේ. කුඩා පැල දරුණු හානියකදී මියයා හැකිය. එසේම කරල් පිරීම දුර්වල වීමටද ඉඩ තිබේ.

රෝගය පාලනය සඳහා වැඩි ඝණකමකින් බීජ වැපිරීම නොකිරීමත්, වැඩිපුර නයිට්‍රජන් පොහොර නොයෙදීමත් වැදගත්ය. රෝගය දරුණු නම් බෙනොමිල් හෝ එඩිපෙන්පොස් වැනි දිලීර නාශකයක් වගාවට යොදන්න.

අස්වැන්න

හොඳින් මෝරා පැසී ඇති කරල් දෑකැතිවලින් කපා, පසුව බීජ වෙන්කර ගන්න. අප රටේ වගා පාලන කටයුතු බොහෝ විට දුර්වල මට්ටමක පවතින නිසා කුරක්කන් වගාවන්ගෙන් ලැබෙන සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 700 පමණ වේ. නමුත් පොහොර භාවිතය, වල් මර්ධනය වැනි කටයුතු මැනවින් ඉටු කළ වගාවන්ගෙන් හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 2500 - 3000 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.

අස්වනු සැකසීම
හොඳින් වියළාගත් කරල්, කරල් ලෙසම හෝ බීජ වෙන්කර ගැනීමෙන් පසුව හෝ වියළි ස්ථානයක ගබඩා කරන්න. වියළි කුරක්කන් බීජවලට ගුල්ලන් වැනි කෘමීන්ගෙන් හානි ඇති නොවේ.

No comments:

Post a Comment

MY TV

OK
OK
 I agree to the Terms and Conditions
OK
OK
Get Adobe Flash player
Zoom
Infotainment
Hindi
Watch Now
Favourite
Whats Next
Unsubscribe
Free Zone
CATEGORIES

  • My Favourites
  • My Subscribed Channels
  • My Packs
  • MY SUBSCRIBED CHANNELS
    Sirasa TV
    CITIHITZ
    ITN
    Swarnavahini
    Rupavahini
    Channel Eye
    Derana
    Hiru TV
    CSN
    TNL
    Shakthi TV
    Jaya Plus
    Raj Musix
    CN Tamil
    Jaya TV
    J Movies
    9XM
    Vasanth TV
    Zoom
    Dance TV
    Top DJ TV
    People TV
    Travel TV
    How To
    Cooking TV
    Cartoons Channel
    RedLine TV
    Fight TV
    Fitness TV
    Joke TV
    Short Films TV
    Xtrem Sports
    Cartoon Network
    CNN
    Pogo
    Fashion Focus
    Bikini TV
    National Geographic
    Hollywood Gossip
    Swimwear TV
    Beauty TV
    Home|Help