Pages

Tuesday, August 6, 2013

ජමනාරං සහ පැණි දොඩම්

ජමනාරං සහ පැණි දොඩම්


පොදු ජන වහරේ පැගිරි කුලය ලෙස හඳුන්වනු ලබන ශාක කුලයට පැණි දොඩම් සහ ජමනාරං යන දෙවර්ගයම අයත් වේ. මෙය විද්‍යාත්මකව හඳුන්වන්නේ රුටේසි ශාක කුලය ලෙසය. මෙම කුලයට අයත් ශාක කුලය ‍ඇත්තේ උතුරු ඉන්දියාව, උතුරු මියන්මාරය හා දකුණු මධ්‍යම චිනයේ යුනාන් ප්‍රදේශය තුලය. මෙම ප්‍රදේශය තුල සිට ආසියාවේ අවට ප්‍රදේශ වලට මෙම බෝගය ව්‍යාප්ත වී වගාවන් වශයෙන් පවත්වාගෙන ගොස් තිබෙන්නේ වාර්තා ගත සාධක පවා සොයා ගැනීමට අපහසු තරම් කාලයකට පෙර සිටය. ඉන්පසු එය ක්‍රමක්‍රමයෙන් ලෝකයේ සෙසු නිවර්තන හා උපනිවර්තන ප්‍රදේශ කරා මිනිසා විසින් ගෙන ගොස් වගා කර තිබේ. ‍

ලෝකයේ වැඩිම පැණි දොඩම් ප්‍රමාණයක් නිපදවන්නේ බ්‍රසිලය වන අතර වැඩිම ජමනාරං නිෂ්පාදනයක් ඇත්තේ ජපානයේය. ආසියාවේ සම්භවය වුවද මෙම පලතුරු වර්ග නිෂ්පාදනයේ පොරමුණු ගෙන සිටින එකම නැගෙනහිර ආසියානු රට චීනය පමණකි.

දොඩම්, දෙහි වැනි බෝග අප රටේ විශාල වශයෙන් වගා කරනු ලබන්නේ මොනරාගල, රත්නපුරය, කුරුණෑගල හා බදුල්ල දිස්ත්‍රික්කවලය. මීට අමතරව මාතලේ, වවුනියා, යාපනේ, මඩකලපුව, මලුතිව් වැනි දිස්ත්‍රික්කවල පැණි දොඩම් වගාව ව්‍යාප්ති කිරීම සඳහා විභවයක් තිබේ. ජමනාරං වගාව වඩා සාර්ථක වන්නේ තෙත් කලාපීය ප්‍රදේශවලය.

පෝෂණීය අගය

පැණි දොඩම් හා ජමනාරං මදය ග්‍රෑම් 100 අඩංගු ද්‍රව්‍ය

පැණි දොඩම්ජමනාරං
ජලය ග්‍රෑම්87.688.6
ශක්තිය කි. කැලරි7841
ප්‍රෝටීන්  ග්‍රෑම්0.70.7
මේදය ග්‍රෑම්0.20.2
කාබෝහයි‍ඩ්ෙඩ්‍ර්ට් ග්‍රෑම්10.910.9
කැල්සියම් මි. ග්‍රෑම්2626
පොස්පරස් මි. ග්‍රෑම්2014
යකඩ - මි. ග්‍රෑම්0.30.2
කැරොටින් - මයික්‍රො ග්‍රෑම්1,104465
තයමින් මයික්‍රො ග්‍රෑම්-90
රයි‍බොෆේවින් මයික්‍රො ග්‍රෑම්-40
නයසින්  මි. ග්‍රෑම් -0.4
විටමින් සී මි. ග්‍රෑම්3042

ප්‍රභේදය, දේශගුණය, ග්‍රාහක වර්ග හා වගා පාලන ක්‍රම අනුව මදයේ සංයුතිය වෙනස් වේ. පානයක් ලෙස ‍දොඩම් ආහාරයට ගැනීමට වැඩි දෙනා ප්‍රිය කරන්නේ සෞඛ්‍යමය වශයෙන් එහි ඇති වාසිදායක තත්වයන් වන, අඩු මේද ප්‍රමාණය හා ඛණිජ හා විටමින් සී බහුල වීම වැනි හේතු නිසාය. කැල්සියම් වැඩි ප්‍රමාණයක් අඩංගු පලතුරු වර්ග වලින් දොඩම් වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

පැණි දොඩම් ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ අළුත් පළතුරක් හා යුෂ වශයෙනි. නොයෙක් සුවඳ කාරක වර්ග හා මාමලේඩ් නිපදවීමට එය යොදා ගැනේ.

ඖෂධීය ගුණ
දොඩම්, ඉතා පහසුවෙන් ජීර්ණ විය හැකි ආහාරයකි. නිතිපතා එය ආහාරය‍ට ගත් විට ශරී‍රයේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය දියුණු වේ. එය බාල මහලු සියළු දොනාටම යෝග්‍ය පළතුරකි.

සියළුම ආකාරයේ උණ රෝග සඳහා දොඩම් ආහාරයට ගැනීම සුදුසුය. එය ආහාර දිරවීම පහසු කරයි. මල බද්ධය සමනය කරයි. අස්ථි හා දත්වල ආබාධ සඳහා, කැල්සියම් හා විටමින් සී සෑහෙන පමණ අඩංගු ආහාරයක් වශයෙන් දොඩම් යොදා ගැනේ. කුඩා ළමුනගේ වර්ධන වේගය යහපත් මට්ටමකින් පවත්වා ගැනීම සඳහාත් මෙම පළතුර සුදුසුය. දොඩම් ගහේ මල්, පත්‍ර හා ගෙඩියේ පොත්තෙන් තෙල් වර්ග නිපදවා ගත හැකිය. එසේම දොඩම් පොත්ත කුරුළෑ සඳහා ප්‍රතිකාර කිරීමටද භාවිතා වේ. යුෂ මිරිකා ඉවත් කරන ලද කොටස් ගව ආහාරයක් වශයෙන් යොදා ගත හැකිය.

දේශගුණික අවශ්‍යතා
ශ්‍රී ලංකාවේ වියළි හා අතර මැද කලාපයනට අයත් ප්‍රදේශ දොඩම් වගාව සඳහා වඩා සුදුසුය. නමුත් තෙත් කලාපයේ විශාල වගා වශයෙන් නොව ගෙවතු වගාවක් ලෙස බොහෝ අවස්ථාවලදී දොඩම් වගාකරනු ලැබේ.

ජමනාරං සඳහ‍ා වඩා යෝග්‍ය වන්නේ තෙත් කලාපීය දේශගුණයකි. නමුත් අතර මැද කලාපයේ ගෙවතු වගාවක් ලෙස පමණක් ජමනාරං වගා කළ හැකිය.

කෙසේ වුවද දොඩම් සහ ජමනාරං යන දෙවර්ගයෙහිම සාර්ථකත්වය සඳහා ගසට මැනවින් සුර්යාලෝකය ලැබීම අතිශයින් වැදගත්වේ. වසරේ හාස 1-2 පමණ හෝ කෙටි වියළි කාලගුණයක් පවතින විට ගස්වල මල් හටගැනීම උත්තේජනය වේ.

පස
හොඳින් ජලවහනය වන, කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු ලොම් පස, දොඩම් සහ නාරං වගාවන් සඳහා වඩා සුදුසුය. එසේම පසෙහි මීටර් 2ක් පමණ ගැඹුරක් දක්වාවු ප්‍රදේශයෙහි බොරළු හෝ තද පස් තට්ටුවක් නොමැති වීමද වගාවේ සාර්ථකත්වය සඳහා අත්‍යාවශ්‍යය

මෙම බෝග සඳහා පසෙහි තිබිය යුතු වඩා සුදුසු පී. එච්. අගය 5-6 පමණ වේ. පි.එච්. අගය මෙයට වඩා අඩු හෝ වැඩි හෝ වු විට නොයෙක් මූල ද්‍රව්‍ය විශවීම් සහ ඌනතාවයන් නිසා වගාව දුර්වල වීමට ඉඩ තිබේ.

වගා කළ හැකි ප්‍රභේද
පැණි දොඩම්
කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව මගින් පැණි දොඩම් ප්‍රභේද 2ක් වගාව සඳහා නිර්දේශ කර තිබේ.

බිබිලේ පැණි දොඩම්
මෙම ගස මීටර් 2-4 පමණ උසැතිය. අතු ඉහලට විහිදී ඇති ආකාරයට වර්ධනය වේ. ගසේ ශාක වියන ගෝලාකාර හැඩයක් ගනී. පත්‍ර පළලය. අතු රිකිලි වල දිගින් වැඩි කටු හටගනී.

රවුම් ගෙඩි දීප්තිමත් කොල පාටය. ගෙඩි ඉදෙන විට පිට‍ පොත්තේ පැහැය ‍කොල - කහ පැහැයකට ද මාංසලය දීප්තිමත් කහ පැහැයකටද හැරේ. මාංශලයේ ඇති රේණු මෘදුය. යුෂ පිරී පවතී. යුෂය ඇඹුල් සහිත පැණි රසයකින් යුතුය. ගෙඩියක බීජ 10-12 පමණ අඩංගුය.

බිබිලේ බීජ රහිත පැණි දොඩම්
මෙම වර්ගය බිබිලේ පැණි දොඩම් ප්‍රභේදයෙන්, බාහිරව වෙන්කර හඳුනාගැනීම අපහසුය. මෙම ප්‍රභේදයේ ගෙඩි වල ඇති විශේෂත්වය නම් ගෙඩි වල බීජ නොමැතිවීම හෝ බීජ 1-2 පමණ සංඛ්‍යාවකට සීමාවීමයි.

මෙයට අමතරව වොෂින්ටන් නේවල්, වැලන්ෂියා වැනි ප්‍රභේද අප රටේ විවිධ ප්‍රදේශ සඳහා සුදුසු බව පෙනී ගොස් තිබේ. එනිසා මේ ප්‍රභේද පිළිබඳ අධ්‍යන කටයුතු දැනටමත් ආරම්භකර ඇත.

ජමනාරං
මේ දක්වා ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් වගා කරන ලද්දේ දේශීය ජමනාරං ප්‍රභේද වේ. නමුත් 1994 වසරේදී මධු නැමැති ජමනාරං ප්‍රභේදය වගාව සඳහා නිර්දේශ කර තිබේ.

මධු
මීටර් 2-3 පමණ උසට වැඩෙන ගසකි. මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක් ඇති ශාක වියනක් සහිකය. ගසෙහි හැඩය ඕවලාකාරය. ලා කොල පැහැති පත්‍ර දිගටි හැඩයකින් යුතුය. අතුවල කුඩා ප්‍රමාණයේ කටු හටගනී.
ගසෙහි දළු හට ගැනීමත් සමගම මල් කිනිතිද හටගනී. ගෙඩියක බර ග්‍රෑ 100 - 150 පමණ වන අතර එය ඕවල-ගෝලාකාර හෝ තරමක පැතලි හැඩයක් ගනී. ගෙඩි ඉදීමට පටන් ගන්නා විට පිට පොත්ත සහ මදය දීප්තිමත් තැඹිලි පැහැයකට හැරේ. ගෙඩියේ පොත්ත පහසුවෙන් ගැලවේ.

ඉදී ඇති විට ගෙඩියේ මාංශලය ‍කහවන් කොල පාට හෝ දීප්තිමත් තැඹිලි පාටය. ගෙඩියක බීජ 10 -15 පමණ තිබේ. මිහිරි රසයෙන් යුතුය. අප රටේ වගා කරනු ලබන දේශිය ජමනාරං ප්‍රභේද රාශියක් තිබේ. එම ප්‍රභේදයන්හි ලක්ෂණ අතර පැහැදිලි වෙනස්කම් දක්නට පිළිවන.

රෝපණ ද්‍රව්‍ය සකසා ගැනීම
දොඩම් සහ ජමනාරං යන දොඩම්වර්ගයම, බීජ ප්‍රරෝහණය කර ලබා ගන්නා පැල මගින් ද සිටුවිය හැකිය.

බීජ ප්‍රරෝහණයකර ලබාගන්නා පැල සිටවු විට ඵල හටගැනීමට වැඩි -

No comments:

Post a Comment

MY TV

OK
OK
 I agree to the Terms and Conditions
OK
OK
Get Adobe Flash player
Zoom
Infotainment
Hindi
Watch Now
Favourite
Whats Next
Unsubscribe
Free Zone
CATEGORIES

  • My Favourites
  • My Subscribed Channels
  • My Packs
  • MY SUBSCRIBED CHANNELS
    Sirasa TV
    CITIHITZ
    ITN
    Swarnavahini
    Rupavahini
    Channel Eye
    Derana
    Hiru TV
    CSN
    TNL
    Shakthi TV
    Jaya Plus
    Raj Musix
    CN Tamil
    Jaya TV
    J Movies
    9XM
    Vasanth TV
    Zoom
    Dance TV
    Top DJ TV
    People TV
    Travel TV
    How To
    Cooking TV
    Cartoons Channel
    RedLine TV
    Fight TV
    Fitness TV
    Joke TV
    Short Films TV
    Xtrem Sports
    Cartoon Network
    CNN
    Pogo
    Fashion Focus
    Bikini TV
    National Geographic
    Hollywood Gossip
    Swimwear TV
    Beauty TV
    Home|Help