Pages

Tuesday, August 6, 2013

වැටකොළු

 

වැටකොළු
ලුප්ෆා ඇකියුටැන්ගියුලා
Luffa acutangula

කුලය - කුකර්බිටේසි


වැටකොළු ඉතා ජනප්‍රිය එළවළු බෝගයකි. එය පහතරට වියළි අතරමැදි හා තෙත් කලාපවලද, මැදරට තෙත් හා අතර මැද කළාපයන්හීද ආර්ථික බෝගයක් වශයෙන් වගාවේ.

නිර්දේශිත ප්‍රභේද

එල් . ඒ 33
අදුරු තද කොළ පැහැති දිගටි කරල් හටගන්නා ප්‍රභේදයකි.

ආසිරි
මෙය නව නිර්දේශීත වැටකොළු ප්‍රහේදයයි. සෙන්ටි මීටර් 30 පමණ දිගකින් යුත් කරල් හටගනී. දැනට නිර්දේශිත එල්. ඒ 33 වැටකොළු ප්‍රභේදයට වඩා වැඩි පාරිභෝගික රුචියක් මෙම ප්‍රභේදයට ති‍බේ. හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 8 පමණ සාමාන්‍ය අස්වැන්නක් ලබාගත හැකිය.

දේශගුණික අවශ්‍යතා
උෂ්ණ දේශගුණික තත්ව ප්‍රියකරන බෝගයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 500 පමණ උස් වූ ප්‍රදේශ දක්වා සාර්ථකව වැටකොළු වගාකළ හැකිය. තද වර්ෂාව සහිත කාලගුණික තත්ව වගාවට හිතකර නොවේ.

පස
ඉතා හොදින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු වැලි ලෝම් පසක් වගාවට සුදුසුය. පසෙහි පී එච් අගය 5.5 -7.5 පමණ වීම යෝග්‍ය වේ.

වගා කාලය
තෙත් කලා‍පයේ වසර පුරාම ද වියළි කලාපයේ මහ කන්නයේදී ස ප්‍රධාන වශයෙන් වැටකොළු වගා වේ. යල් කන්නයේ ජල සම්පාදනය යටතේ වියළි කලාපීය ප්‍රදේශවල මෙම බෝගය සාර්ථකව වගාකළ හැකිය. කෙසේ වුවද තද වර්ෂාව සහිත කාලගුණික තත්ව පවතින කාල සීමාවන් මගහරවා වගාකල යුතුය.

බිම් සැකසීම
බිම් පෙරළා කැට පොඩිකර ගන්න. ඉන්පසු සෙන්ටි මීටර් 30 x 30 x 30 ප්‍රමාණයේ වලවල් නියමිත පරතරයට සකසා ගන්න. වගාව තුල අනවශ්‍ය පරිදි ජලය රදා සිටීම වලකා ගැනීම සදහා ගැඹුරු කානු කිහිපයක්ද සකස්කර ගන්න.

බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 3

පරතරය
මීටර් 15 x 15

බීජ සිටුවීම
සකසාගත් වලවල්වලට හොදින් දිරාපත්වු කාබනික පොහොර කු‍ඩයක් පමණ බැගින් දමා මතුපිට පස් සමග කළවම් කරන්න. බීජ සිටුවීමට දින 2 - 3 පෙර නියමිත පරිදි මූලික පොහොරද, වලට යොදා පස‍ට මිශ්‍ර කරන්න.

එක් වලක එකිනෙකට තරමක් දුරින් බීජ 3 - 4 පමණ සෙන්ටිමීටර් 2 - 3 ගැඹුරින් සිටුවන්න. ඉන්පසු සිටවූ බීජවලට හොදින් ජලය සපයන්න.

පැල තුනී කිරීම
බීජ පැලවී සති 2 පමණ ගතවු එක් ස්ථානයක පැල 2 පමණක් ඉතිරිකර සෙසු පැල ගලවා දමන්න.

වැල් පුහුණු කිරීම
වැටකොළු වගාවකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සදහා මීටර් 2 පමණ උස පන්දලමකට වැල් යොමුකළ යුතුයි. මේ සදහා මීටර් 3 පමණ පරතරයට ශක්තිමත් කණු සිටුවා ඒ මත ලණුවලින් හෝ කම්බිවලින් පන්දලම සකසා ගත හැකිය. පන්දලම දක්වා වැලෙහි ප්‍රධාන කදෙන් හට ගන්නා අංකුර ඉවත් කරන්න.

ගෙවතුවලට වැටකොළු වගාකරන විට කම්බි වැටකට වුවද වැල් යැවීමකළ හැකිය.

පොහොර යෙදීම
බීජ සිටුවීම සදහා සකසා ගත් වලවල්වලට යෙදිය යුතු කාබනික පොහොරවලට අමතරව පහත සදහන් අන්දමට රසායනික පොහොරද යොදන්න.

යෙදිය යුතු කාලයයූරියා
හෙක් / කි.ග්‍රෑ.
ත්‍රිත්වසුපර් පොස්පේට්
හෙක් / කි.ග්‍රෑ.
මියුරියේට් ඔෆ් පොටෑෂ්
හෙක් / කි.ග්‍රෑ.
මූලික පොහොර7520060
පැල මතුවී සති 4 දී75-60
පැල මතුවී සති 8 දී75-60

වැටකොළුවලට ඇත්තේ නොගැඹුරු මුල පද්ධතියකි. එනිසා වල් පැලෑටි පාලනය කිරීමේදී මුල්වලට හානි නොවන පරිදි කටයුතු කිරීමට වගබලා ගන්න.

කෘමි හා රෝග පාලනය
 
ඉල් මැස්සා
පළතුරු මැස්සාගේ කීටයින් විසින් වැටකොළු කරල තුල සිදුකරන හානිය නිසා කරල් කුණුවී යයි. මෙම හානිය වලකා ගැනීමට කෘමිනාශක යෙදීම අත්‍යාවශ්‍ය ‍නොවේ. සෙන්ටි මීටර් 15 පළල හා සෙන්ටි මීටර් 40 පමණ දිග දෙපැත්තෙන්ම විවෘත වූ පොලිතින් කැබලිවලින් ලපටි කරල් ආවරණය කරන්න. මෙම පොලිතින් කැබලි ගෝනි ලණුවලින් නටුවට හෝ වැලට ගැටගසන්න. එමගින් ඵල ආරක්ෂා වේ.

අවුලකපෝරා කෘමියා

බෝගය ලපටි අවධියේදී පත්‍රවලට හානි කරයි. කාබරිල් වැනි කෘමි නාශකයක් මේ සදහා යෙදිය හැකිය.
පසෙහි දිගු කලයක් ජලය රදා පැවතුනහොත් පාමුල ප්‍රදේශය දිලිර වර්ග නිසා කුණුවීමකට භාජනය විය හැකිය. නිර්දේශිත දිලිර නාශකයක් වැල පාමුල ප්‍රදේශයට යෙදීම හා පසෙහි ජලවහනය දියුණු කිරීම මගින් මෙම තත්වය මග හරවා ගත හැකිය.

අස්වැන්න නෙලීම
මේරීමට ප්‍රථම කරල් නෙලාගන්න. බෝගයේ වයස දින 60 - 70 දී පළමු අස්වැන්න ලබාගත හැකිය. ඉන්පසු දින 4 පමණ වරක් බැගින් මාස 1  - 2 පමණ කාලයක් තුලදී අස්වනු වාර 10 - 15 පමණ නෙලාගැනීමට පිළිවන.

අස්වැන්න සැකසීම
නෙලාගත් කරල් මතට තද හිරුරැස් වැටීමෙන් වලකාගන්න. කරල්වලට හානි නොවන සේ හොදින් වාතාශ්‍රය ලැබෙන පරිදි කුඩවල අසුරන්න.

No comments:

Post a Comment

MY TV

OK
OK
 I agree to the Terms and Conditions
OK
OK
Get Adobe Flash player
Zoom
Infotainment
Hindi
Watch Now
Favourite
Whats Next
Unsubscribe
Free Zone
CATEGORIES

  • My Favourites
  • My Subscribed Channels
  • My Packs
  • MY SUBSCRIBED CHANNELS
    Sirasa TV
    CITIHITZ
    ITN
    Swarnavahini
    Rupavahini
    Channel Eye
    Derana
    Hiru TV
    CSN
    TNL
    Shakthi TV
    Jaya Plus
    Raj Musix
    CN Tamil
    Jaya TV
    J Movies
    9XM
    Vasanth TV
    Zoom
    Dance TV
    Top DJ TV
    People TV
    Travel TV
    How To
    Cooking TV
    Cartoons Channel
    RedLine TV
    Fight TV
    Fitness TV
    Joke TV
    Short Films TV
    Xtrem Sports
    Cartoon Network
    CNN
    Pogo
    Fashion Focus
    Bikini TV
    National Geographic
    Hollywood Gossip
    Swimwear TV
    Beauty TV
    Home|Help