Pages

Tuesday, August 6, 2013

පිපිඤ්ඤා




පිපිඤ්ඤාකියුකුමිස් සැටයිවස්
Cucumis sativus

කුලය - කුකර්බිටේසි


ඉතා ජනප්‍රිය එළවළු බෝගයකි. සම්ප්‍රදායික ලෙස පිසගත් ආහාරයක් වශයෙන් හා සලාද ආකාරයට ආහාරයට ගනුලැබේ.


නිර්දේශිත ප්‍රභේද
එල් . වයි - 58
ගෙඩිය කහපාටය. කළුපැහැති නෙරුම් ඇත. මධ්‍යම විශාලත්වයක් සහිත ගෙඩි සිලින්ඩරාකාරය.
චැම්පියන් 320
මල් පිපීම සිටුවා දින 35න් දැකිය හැකිය. සිටුවා දින 50න් පළමු අස්වැන්න ලබා ගත හැකිය. ඵලය සිහින් දිගටිය. මේරීමට පෙර පොත්තේ පැහැය කොළ පායට. තිත්ත රසක් නැත. මදයේ පැහැය සුදු හෝ ක්‍රිම් පැහැයක් ගනී. ඵලයක අඩංගු වන බීජ සංඛ්‍යාව 370 කි. අස්වැන්න 20 t/ha ඉහළ රසයක් ඇත.
කල්පිටියේ සුදු
ඵලයේ දිග මධ්‍යස්ථයි. (22 Cm) ඵලය දිගටිය. මේරීමට පෙර පොත්තේ පැහැය සුදු කොළ පැහැතිය. අස්වැන්න 30 t/ha කරලක අඩංගු වන බීජ සංඛ්‍යාව 750. තිත්ත රසක් නැත. හොද රසක් ඇත.
දේශගුණික අවශ්‍යතා

තෙත් කලාපයේ වසර පුරාම ද වියළි කලාපයේ මහ කන්නයේදී ද වගාකළ හැකිය. මෙම බෝගය මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ උස් වු ප්‍රදේශ දක්වා වගාකල හැකිය. උෂ්ණ පරිසර තත්ව ප්‍රයකරන බෝගයකි. බෝගයේ වර්ධනය සාර්ථක වීම සදහා පැවතිය යුතු ප්‍රශස්ථ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 30 පමණ වේ.

පස
විවිධ ආකාරයේ පස් වර්ග පවතින ඉඩම් වල පිපිඤ්ඤා වගාකල හැකිය. කාබනික ද්‍රව්‍ය මැනවිත් අඩංගු හොදින් ජලවහනයවන පස වගාව සදහා වඩා සුදුසු. පසෙහි දිගු කාලයක් ජලය රදා පැවතීමේ තත්වයට බෝගය ඉතා සංවේදීය. සුදුසු පි. එච්. අගය 5.5 - 7.5 වේ.

බිම් සැකසීම
ඉඩමේ වල්පැල ඉවත්කර සෙන්ටි මීටර් 30x30x30 ප්‍රමාණයේ වලවල් නියමිත පරතරයට සකසන්න.

දිරාපත්වු කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 3 පමණ, මතුපිට පස් සමග කළවම්කර වලවල් පුරවා ගන්න. පොළව මට්ටමේ සිට සෙන්ටි මීටර් 10 පමණ උසට සිටින සේ මෙම මිශ්‍රණයෙන් වලවල් මුදුන්කර ගන්න.

බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 1 යි.
ග්‍රෑමයක බීජ 30 - 40 අඩංගු වේ.

පරතරය
තනි වගාවක් සදහා මීටර් 1 x මීටර් 1 කි. බණ්ඩක්කා සමග මිශ්‍ර වගාවක් ලෙස ද පිපිඤ්ඤා වගාකළ හැකිය. එවිට ලබාදිය යුතු පරතරය සෙන්ටි මීටර් 120 x 90 කි. එකම වලෙහි බෝග දෙකටම අයත් බීජ සිටුවන්න.

පැල තුනී කිරීම
එක වලක පැල 2 පමණක් ඉතිරිවන ලෙස සති 2 දී වැඩි පැල ගලවා දමන්න.

පරාගනය
මල් පරාගනය වන්නේ ප්‍රධාන වශයෙන් මී මැස්සන් මගිනි. ගෙඩි හටගන්නා මල් ඇතිවන්නේ පිරිමි මල් හටගැනීම ආරම්භ වූවාට පසුවය. වැඩි උෂ්ණත්වය සහ දිගු දිවාකාල පැවතීම මගින් ගෙඩි හටගන්නා මල් ඇතිවීම ප්‍රමාද කරයි.

පොහොර යෙදීම
යෙදිය යුතු කාලයයූරියා
හෙ./ කි.ග්‍රෑ
ත්‍රිත්ව සුපර්
පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ
මියුරියේට් ඔෆ් පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ
මුලික පොහොර7519560
පැල මතුවී සති 2 පසු75-60
පැල මතුවී සති 5 පසු75-60

වල් පැල පාලනය
බෝගය විසින් පොළව වසාගන්නා තෙක් වගාවේ වල්පැල පාලනය කිරීම පිළිබදව සැලකිලිමත් වන්න. පිදුරු හෝ වියලි තණකොළ වැනි වසුන් යෙදීමෙන් ද වල් පැලවල මර්ධනය පාලනය කරගත හැකිය.

ජල සම්පාදනය
බෝගයට අනවශ්‍ය පරිදි ජලය සැපයීම සුදුසු නැත. පසෙහි තෙතමනය වැඩි වු විට වැල් හා ගෙඩි කුණුවී යාහැකිය. එනිසා වගාව යටවන පරිදි ජලය හැරවීම නොකරන්න.

වැල් පාමුලට අතින් ජලය ලබාදීම හෝ කාණු දිගේ වගාවට ජලය ලබාදී සෙමින් පසට උරාගැනීමට සැලැස්වීම හෝ කරන්න. වගාවේ පිදුරු වැනි වසුනක් යෙදීමෙන් පස වියළියාම අඩුකරගත හැකිය.

කෘමි පාලනය
අවුලකපෝරා කුරුමිණියා

වැඩුන කුරුමිණියා විසින් පත්‍ර හා මල් ආදිය ආහාරයට ගනී. එමගින් ලපටි පැල සම්පූර්ණයෙන්ම විනාශ විය හැකිය. එසේම පැල ලපටි කාලයේදී කීටයින්ගේ හානියට ද ගොදුරු විය හැකිය.

කාබරීල් 85% වැනි නිර්දේශිත කෘමිනාශකයක් අවශ්‍යවිට සති 2කට වරක් බැගින් යොදන්න.

එපිලැග්නා කුරුමිණියා
වැඩුන කෘමියා සහ කීටයා පත්‍ර ආහාරයට ගනී. ට්‍රයික්ලෝෆෝන් (ඩීප්ටරෙක්ස් 50) නිර්දේශිත අන්දමට වගාවට යොදන්න.

ඉල්මැස්සා
කීටයින් විසින් ගෙඩි ඇතුලත සිදුකරන හානිය නිසා ගෙඩි කුණුවී වැටී යයි.

පිලා අවධිය විනාශ කිරීමට පස අවුස්සන්න. හානිවු ගෙඩි වගාවෙන් ඉවත් කර විනාශකර දමන්න. ෆෙන්තියෝන් 50% කෘමිනාශකය මල් හටගන්නා අවස්ථාවේ සිට සති 2 වරක් වගාවට යොදන්න. ජලය සමග මිශ්‍රකරගත් කෘමිනාශක ම්ශ්‍රණයේ සෑම ලීටරයකටම සීනි ග්‍රෑම් 25 බැගින් කළවම්කර යෙදීම වඩා සුදුසුය.

රතු මයිටාවන්
යුෂ උරාබීම නිසා පත්‍රවල කොළ පැහැය අඩු වී, දුඹුරු පැහැවී පහසුවෙන් කැඩෙන සුළු ස්වභාවයකට පත්වේ. ඩයිමෙතොඒට් 40 % නිර්දේශත පරිදි යොදන්න.

කුඩිත්තා හා සුදු මැස්සා
විචිත්‍ර වෛරස් රෝගය පතුරවන වාහකයන් වේ. රෝගී ශාක ගලවා විනාශකර දමන්න. ඩයමෙතොඒට් 40% කෘමිනාශක සති 2 වරක් බැගින් යොදන්න.

රෝග පාලනය
යටිපුස් රෝගය

වර්ෂාකාලවලදි වැළදිය හැකි දරුණූම රෝගයයි. රෝගය දරුණුවත්ම පත්‍ර හැලී යයි. පළමුව කහපැහැති කෝණාකාර පුල්ලි හටගත් පසුව දුඹුරුපාට වේ.

පත්‍රයේ යටි පැත්තේ අළුපැහැති බීජාණු දැකිය හැකිය. ක්ලෝරොතැලොනිල් (ඩැකොනිල්) කැප්ටාන්, මැන්කොසෙබ්, මැනෙබ් වැනි දිලීරනාශකයක් සති 2 වරක් බැගින් වගාවට යොදන්න.

පිටිපුස් රෝගය
වැඩි පරිසර උෂ්ණත්වයක් පවතින අවස්ථාවලදී වැළදිය හැකි රෝගයකි.

රෝගී පත්‍ර කහපාට වේ. පත්‍රයේ දෙපසම සුදුපැහැති බීජාණු දැකගත හැකිය. ක්ලෝරොතැලොනිල් (ඩැකොනිල්) වැනි දිලීර නාශකයක් රෝගය දරුණු අවස්ථාවලදී සතිපතා යොදන්න.

මෘදු කුණුවීම
කදෙහි පාමුල සහ පොළව සමග ස්පර්ශවී ඇති ගෙඩිවල මෘදු කුණුවීමක් ඇතිවේ. වගාව තුළ ජලවහනය දියුණු කරන්න.

ඇන්ත්‍රැක්නෝස් රෝගය
බෝගයේ සියළුම වායව කොටස්වලට වැළදිය හැකිය. පත්‍රවල පළමුවෙන් කුඩා කහපාට පුල්ලි හෝ තෙත් පැල්ලම් ඇතිවී පසුව ක්‍රමයෙන් විශාල වේ. විශාල පුල්ලිවල මැද සිදුරුවේ. ගෙඩිවල ගිළුනු තෙත් පැල්ලම් හටගනී.

ක්ලෝරොතැලොනිල් (ඩැකොනිල්) වැනි දිලීර නාශකයක් නිර්දේශිත අන්දමට යොදන්න.

අස්වැන්න නෙලීම
ගෙඩි කහ පැහැවී ඇතිවිට නෙලාගන්න. පිහියක් වැනි ආයුධයකින් ගෙඩියේ නටුව කපාගන්න. වැල්වල පාර්ශ්වික ශාක සියල්ල වැඩීමට ඉඩ හැරියවිට හටගන්නා ගෙඩි, ප්‍රමාණයෙන් කුඩාවේ. අස්වනු නෙලන වාර ගණන වැඩිකළවිට වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.

අස්වැන්න
හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 20,000 - 25,000 කි.

අස්වැන්න සැකසීම
නෙලාගත් ගෙඩිවල ගුණාත්මය අඩු නොවී සතියක් පමණ කාලයක් තබාගත හැකිය. මෙයට වඩා කල්ගතවු ගෙඩි හැකිලීමට පටන්ගන්නා අතර අප්‍රසන්න රසයක්ද ඇති කරයි.

No comments:

Post a Comment

MY TV

OK
OK
 I agree to the Terms and Conditions
OK
OK
Get Adobe Flash player
Zoom
Infotainment
Hindi
Watch Now
Favourite
Whats Next
Unsubscribe
Free Zone
CATEGORIES

  • My Favourites
  • My Subscribed Channels
  • My Packs
  • MY SUBSCRIBED CHANNELS
    Sirasa TV
    CITIHITZ
    ITN
    Swarnavahini
    Rupavahini
    Channel Eye
    Derana
    Hiru TV
    CSN
    TNL
    Shakthi TV
    Jaya Plus
    Raj Musix
    CN Tamil
    Jaya TV
    J Movies
    9XM
    Vasanth TV
    Zoom
    Dance TV
    Top DJ TV
    People TV
    Travel TV
    How To
    Cooking TV
    Cartoons Channel
    RedLine TV
    Fight TV
    Fitness TV
    Joke TV
    Short Films TV
    Xtrem Sports
    Cartoon Network
    CNN
    Pogo
    Fashion Focus
    Bikini TV
    National Geographic
    Hollywood Gossip
    Swimwear TV
    Beauty TV
    Home|Help